කොටස් වෙළදපොලේ අසාමාන්‍ය ඉහළ යාම ගැන සමගියට සැකයක්

20

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියළු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය සටහන් වුයේ ඊයේ දිනයේදීයි.

ඒ, දිනය අවසානයේ සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 792.66ක් ලෙසින්.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ යම් පාර්ශවයන් වෙළඳපොළ කටයුතු හසුරුවන්නේ ද යන්න පිළිබඳව මේ වනවිට සැක මතුවන බවයි.

 

Your Comments