කොග්ගල වෙළඳ කලාපයේ කර්මාන්තශාලා 3ක සේවිකාවන් 12 දෙනෙකුට කොවිඩ්

8

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලා 3ක සේවිකාවන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබෙනවා.

 

ඔවුන් ගිරිවුල්ල සහ ආරච්චිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගාල්ල, නෙළුව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් නෙළුව සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පිරිසක් අද දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ද යොමු කෙරුනා.

මේ අතර කොරෝනා ආසාදිත්ව සිටි තවත් 480 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 43,747ක්.

ආසාදිතයන් 50,585 ක් මෙරටින් වාර්තා වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 6,589 දෙනෙකු බවයි වසන්ගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ .

කොවිඩ් මරණ සංඛ්‍යාව 247ක්.

Your Comments