කුලියාපිටියේ ගම්මාන 4කට සංචරණ සීමා

21

කුලියාපිටිය ප්‍රදේශයේ ගම්මාන 04කට සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගයි.

ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහ පල්ලේවල යන ගම්මාන 4ටයි සංචරණ සීමා පනවා ඇත්තේ.

කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම ගම්මානවල පිරිස් සහභාගී වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම විවාහ මංගල උත්සවයට සහභාගී වූ මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 12 වනදා හඳුනා ගැනුණා.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ පී සී ආර් පරික්ෂණවලදී මෙලෙස තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

 

Your Comments