කුරුණෑගල නගරාධිපතිට නොතීසි

7

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

 

ඒ දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ බව කියන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් මීට අදාළ පෙත්සම ගොනුකරනු ලැබුවා.

ඒ රාජසභා ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට වගකිව යුතු කුරුණෑගල නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

 

Your Comments