කෑගල්ලේ ධම්මික පහර දුන් බවට වෛද්‍යවරයෙකුගෙන් පැමිණිල්ලක්

14

කෑගල්ලේ කොරෝනා පැණි නිෂ්පාදක ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදුන් බව පවසමින් පේරාදෙණිය පොලිසිය වෙත දන්ත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් පැමිණිලි කර තිබෙනවා.

ධම්මික බණ්ඩාර මහතා හමුවීමට ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ වෛද්‍යවරයා ඇතුළු පිරිසට බැණ වැදීමෙන් පසු පහරදී ඇති බවටයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පේරාදෙණිය දන්ත රෝහලේ වෛද්‍ය එස්.ඒ.ආර්. මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසින්.
සාකච්ඡාවක් අතර තුර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එම අවස්ථාව වෛද්‍යවරයා ඇතුළු පිරිස ජංගම දුරකතනය ඔස්සේ පටිගත කර තිබෙනවා.

ඊට විරෝධය පළ කර ඇති නිවසේ සිටි අය විසින් එම වීඩියෝ පටය මකා දමා පිරිස නිවසේ හිරකර තබා ගැනීමට කටයුතු කර ඇති බව ද සදහන්.

පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පහරදීමේ සිද්ධියට එරෙහිව දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විසින් විරෝධතාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments