කැන්ඩි ටස්කර් වේග පන්දු පුහුණුකාර ධුරය නුවන් කුලසේකරට

10

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි ටස්කර් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිඩක නුවන් කුලසේකර පත් කර තිබෙනවා.

ඔහු ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර අත්දැකීම් රාශියක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

මේ අතර, ඉන්දියාවේ හිටපු තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වන ඉර්ෆාන් පතාන් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි ටර්කස් කණ්ඩායම ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

කෙසේ වෙතත් 36 හැවිරිදි පතාන් 2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසු 20 යි 20 තරගාවලියකට සහභාගී වී නැහැ.

Your Comments