කාන්තා මළ සිරුර සහිත බෑගය ප්‍රවාහනය කළ බස් රථය හඳුනා ගනී

28

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාර්ග අංක 143 හංවැල්ල – කොළඹ බස් රථයක එම සිරුර සහිත බෑගය ප්‍රවාහනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් 071 859 15 57 සහ 0112 43 33 33 අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

 

Your Comments