කාති උසාවි ක්‍රමය මෙරට අධිකරණ පද්ධතියට නොගැලපෙන බව මහා සංඝරත්නය අවධාරණය කරයි

12

කාති උසාවි ක්‍රමය මෙරට අධිකරණ පද්ධතියට කිසිසේත් නොගැලපෙන බව මහා සංඝරත්නය අද අවධාරණය කළා.

 

මේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්.

මේ අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසුවේ එක නීතියක් හා එක රටක් සංකල්පයට සියලුදෙනා එකඟ විය යුතු බවයි.

දිවයින පුරා ප්‍රදේශ 25 ක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ කාති තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය පළමු වනදායි.

වයස අවුරුදු 40 ට වැඩි මුස්ලිම් පුරවැසියෙකු, පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු මෙම තනතුරු සඳහා සුදුසුකම් ලෙස එම ගැසට් නිවේදනයේ සඳහන්.

කාති උසාවි අහෝසි කළ යුතු බවට මතවාද ද පළ වූ පසුබිමක කාති තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබීම විශේෂත්වයක්.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ එම බඳවාගැනීම් සඳහා අධිකරණ අමාත්‍යාංශය කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන අතර කාති උසාවි සංකල්පය මෙරට නීති පද්ධතියේ කොටසක් බවයි.

Your Comments