ක්‍රීඩකයෝ සූදු කෙලියි – ඇමති දැඩි තීරණයකට සූදානම්

36

ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

 

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි තීරණ රැසක් ගැනීමට අපේක්ෂා කරන බවයි මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර තරඟයේ තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් විවේකාගාරය තුළ කාඩ් ක්‍රීඩාවේ නිරත වීම දැකීමෙන් තමන් අතිශයින් කලකිරීමට පත්වු බව හිටපු නායක සනත් ජයසුරිය ප්‍රකාශ කර සිටිනවා.

ඔවුන් අතර කුසල් ජනිත් ද සිටින බව වීඩියෝ රූපරාමු මගින් දැක ගැනීමට හැකි වුණා.

ක්‍රීඩාගාරය තුල ධනාත්මක ශක්තියක් තිබීම අනිවාර්ය බවත් එවැනි අවස්ථාවක ක්‍රීඩකයින් ශක්තිමත් වී සිටීම වැදගත් බවයි සනත් ජයසුරිය පෙන්වා දුන්නේ.

Your Comments