කළු විරෝධතාවයට සමඟියත් එක් වෙයි

6

එළඹෙන 07 වැනිදා කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කොළඹ රදගුරු පදවිය ගෙන ඇති තීරණයට උපරිම සහය ලබාදෙන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෙතෙක් රජයෙන් සාධාරණයක් ඉටුව නොමැති බවයි.

මේ අතර කළු ඉරිදා විරෝධතාවයට සහාය පල කිරීමට මහා සංඝරත්නය තීරණය කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කලා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

 

Your Comments