කළහකාරීව හැසිරුණු තරුණයින්ගෙන් 07 දෙනෙකු බන්ධනාගාරයට

11

පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම කළහකාරීව හැසිරුණු තරුණයින්ගෙන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

තරුණයින් පිරිසක් බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට කලහකාරීව හැසිරෙන වීඩියෝ දර්ශණ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.

සැකකරුවන් ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Your Comments