කහපොල සුරංජිත් කොටු

12

දැනට විදෙස්ගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවකු වන ධර්මසිරි පෙරේරාගේ ගෝලයෙකු වන කහපොල සුරංජි නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පිළියන්දල බටකැත්තරදීයි.

ජීව අත් බෝම්බයක් හා හෙරොයින් ග්රෑම් 02 ක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින්.

පාදාගොඩ ආමි ශිවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙක් බව ද සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක්, විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 3ක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

Your Comments