කම්කරු දෙපාර්තමේන්තුවේ සිව්දෙනෙකුටත් කම්කරු අමාත්‍යංශයේ රියදුරෙකුටත් කොවිඩ් ආසාදිත බව තහවුරුවෙයි

11

නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේ පිවිසුමේ ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙකුට සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපනශාලාව පවත්වාගෙන යන පුද්ගලයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගෙන් සෙසු පුද්ගලයින්ට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

Your Comments