කතානායක සහ අගමැති අතර හමුවක්

12

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙනයාම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වුණේ.

කොරෝනා අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් ද එහිදී අවධාන යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

Your Comments