කටුනායක සහ වතුපිටිවල වෙළද කලාප වලින් ආසාදිතයන් 50ක්

10

කටුනායක නිදහස් වෙළද කලාපය සහ සීදුව ආශ්‍රීතව කෝවිඩ් ආසාදිතයන් 37 දෙනෙකු හදුනාගත් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

මිනුවන්ගොඩ ගල්ලොලුව සහ සති පොළ ප්‍රදේශයෙන් ද නව ආශ්‍රීතයන් 22 නෙකු හදුනා ගැණුනා.
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයෙන් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වු බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සදහන් කලා.

අංගොඩ ලංගම ඩිපෝවේ සේවකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීමෙන් 14 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.
පසුගිය 6 වනදා සිට දෛනික සමස්ත ආසාදිතයන් 500යේ සීමාව ඉක්මවා වාර්තා වු අතර පසුගිය 13 වනදා සිට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600 යේ සීමාව ඉක්මවා ගියා.

නව ආසාදිතයන් 674 ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 53 දහස් 750 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෝවිඩ් මරණ සංඛ්‍යාව 270ක්.

Your Comments