ඔරුවක් පෙරලී දෙදෙනෙක් මරුට

39

වාලච්චේන, ජයන්තියාය වැවේ ඔරු පැදීමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 21 සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්
පුද්ගලයින් සිව් දෙනෙකු ඊයේ දහවල් වැවේ ඔරු පැදීමට ගොස් ඇති අතර ඔරුව පෙරළී අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඉන් දිවි බේරාගෙන ඇති අතර දියේ ගිලී අතුරුදන් වූ අනෙක් තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මේ අතර, යටියන්තොට – හක්බෙල්ලාවක ප්‍රදේශයේදී කැළණි ගෙඟ් දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ යටියන්තොට – පනාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

Your Comments