එළැඹෙන සඳුදා සිට රටේ වෙනසක් – ඇමති අමරවීර කියයි

193

අත්‍යවශ්‍ය සේවා ඇතුළු වාර ප්‍රවේශපත්‍ර නොමැති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ටද මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව අද සිට සලසා දී තිබෙනවා.
එමෙන්ම අධි අවදානම් හා අවදානම් ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල බස් රථ ධාවනයට අද සිට අවසර දී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ.
කෙසේවෙතත් බස්නාහිර පළාත තුළ එය ක්‍රියාත්මක නොවනු ඇති.
එමෙන්ම තවදුරටත් බස් රථවල ගමන් කළ හැකි වන්නේ ආසන සංඛ්‍යාවට සරිලන මගීන් පිරිසකට පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ලබන සදුදා සිට ඇතැම්විට රට පුරා ඇදිරිනීතිය ඉවත් කිරීමේ අවස්ථාවක් ද පවතින බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

Your Comments