එන්නත් කරන්නේ බාල කළ කොරෝනා වෛරසය ද?

24

කොව්ඩ් මර්දන එන්නත්කරණයේදී දුර්වල කරන ලද වෛරසයක් එන්නත් කෙරෙන බවට විවිධ පාර්ශව අදහස් දක්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ කොව්ඩ් මර්දන එන්නත්කරණයේදී කොරෝනා වෛරසය අඩාල කිරීම සඳහා දුර්වල කරන ලද වෛරසයක් එන්නත් කිරීමක් සිදුනොවන බවයි.

සැළකිය යුතු පිරිසකට එන්නත්කරණය සිදුකරන තුරු වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර අඩුවක් අපේක්ෂා කල නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

 

Your Comments