එන්නත්කරණ ජාතික සැලැස්ම සකස් කර අවසන්

9

එන්නත්කරණ ජාතික සැලැස්ම සකස් කර අවසන් බව කොවිඩ් 19 එන්නත් ලබා ගැනීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා.

 

ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් 19 වැළැක්වීම සඳහා වන එම ජාතික සැලැස්ම අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පළමු අදියරේදී සෞඛ්‍ය සේවකයන් එක් ලක්ෂ පනස් පන්දහසකට එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්.

දෙවන අදියර යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන්ට ද තෙවන අදියර යටතේ වයස අවුරුදු හැටට වැඩි ජනතාවට ද එන්නත ලබා දීමට නියමිතයි.

මෙම කාණ්ඩ තුනේ නම්, නාම මාත්‍රිකව ඉදිරිපත් කරන අතර එය ඡන්ද හිමි නාමලේඛන සහ ජාතික හැඳුනුම්පත් අංක උපයෝගී කර ගෙන සකස් කර තිබෙනවා.

සිව්වන අදියර යටතේ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය ආයතන 1, 050න් ආයතන 900කට පමණ එන්නත් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

හතළිස් අට ලක්ෂ හතළිස් තුන් දහස් පන්සිය හැට දෙකක රටේ ශ්‍රම බළකායට එන්නත් ලබා දීම අවසන් අදියරේ දී සිදුකරනු ඇති.

ඇඟලුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ට එන්නත ලබා දීමට පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන පනහක මුදලක් වැය කිරීමට සූදානම් බවට දැනුම් දී ඇති බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා.

පෙබරවාරි හෝ මාර්තු මාසය වන විට එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා.

Your Comments