එන්නත්කරණය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් නිර්දේශ

19

එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කයන් හි අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම් හඳුනාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව තෝරා ගන්නා ග්‍රාම නිලධාරි වසම්වල සිටින ස්ථිර පදිංචිකරුවන්ට සහ තාවකාලික පදංචිකරුවන්ට එනන්ත ලබාදෙන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර, කොරෝනා මර්දන එන්නත්කරණය තුලින් ප්‍රධාන කාරණා දෙකක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මරණ හා සංකූලතා අවම කිරීම සහ ව්‍යාප්තිය වම කිරීම ඒ අතර වන බවයි හෙතෙම කියා සිටියේ.

ඒ අනූව වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සදහා එන්නත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පල කළා.

කොළඹ මහ නගර සභාවේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියේ ප්‍රමුඛතා පදනම මත එන්නත්කරණ වැඩපිලිවෙල අද දිනයේත් සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි.

 

 

Your Comments