එන්නත්කරණය ගැන පලවන තොරතුරු අසත්‍ය බවට සෞඛ්‍ය අංශවලින් ප්‍රකාශයක්.

9

කොවිඩ් වසංගතයට එරෙහි එන්නත්කරන වැඩපිලිවෙලට අනුව ඊයේ දිනය තුළ පුද්ලයින් 5 දහස් 284 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

 

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් හත් ලක්ෂ 29 දහස් 562 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බවයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා කියා සිටියේ.

අද දිනයේ ද දිවයින පුරා ප්‍රදේශ කිහිපයකදී එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වුණා.

මේ අතරල මෙරට එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.

එය සම්පූර්ණයෙන් අසත්‍යක් බවයි ඇය කියා සිටියේ.

 

 

Your Comments