එක රටක් එක නීතියක් – කාති උසාවි ගැටලුවට නව ව්‍යවස්ථාවෙන් විසදුම්

12

කාති උසාවි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු‍ව නව ව්‍යවස්ථාවෙන් නිසැකවම නිරාකරණය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ පැපිලියාන සුනේත්‍රා දේවි පුරාණ රජමහ විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක හිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව සංවිධාන කළ ”‍ලේ දන්දීමේ”‍ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එක රටක් එක නීතියක් යන සංකල්පය යටතේ කාති උසාවිවල කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

 

මේ අතර, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ද කාති උසාවි සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 

 

 

Your Comments