ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් ගම්පහින්

19

ඊයේ දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 359 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

එම සංඛ්‍යාව 77 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු හදුනාගැනුණු අතර අනෙකුත් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වනවා.

 

Your Comments