ඊයේ දිනයේදීත් ආසාදිතයන් 160 ක් කොළඹින්

15

 

ඊයේ (20) දිනය තුළ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 439 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවනවා.

ඒ ආසාදිතයන් 160 ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබද ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 71 ද කළුතර දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙක් වාර්තා වූවා.

අද (21) උදැසන වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 15,761 බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

ඊයේ දිනය වනවිට ආසාදිතයන් 13,271 පූර්ණ සුවය ලැබු බවත් දැනට රෝහල් ගත ආසාදිතයන් ප්‍රමාණය 5,935 ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊයේ දිනයේ වාර්තාවූ කොවිඩ් ආසාදිත මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 74 ක් දක්වා ඉහලගොස් තිබෙනවා..

 

Your Comments