ඊයේත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,350 දක්වා ඉහළට

9

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15,350ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයන් 625 දෙනාද සමගින්.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 11,858ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් මේ වන විට ආසාදිතයන් 5,121 දෙනෙක් රෝහල්ගතව සිටින අතර ආසාදිතයන් 10,183 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 46ක්.

එසේම තවත් පුද්ගලයන් 523 දෙනෙක් කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

Your Comments