ඉන්දියානු සාගරයේ අතරමං වු ධීවරයින් දෙදෙනා මුදා ගැනේ

5

යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියානු සාගර කලාපය වෙත ගසා ගෙන ගිය යාත්‍රාවේ ධීවරයන් දෙදෙනා මුදාගෙන තිබෙනවා.

කච්චතිව් දුපත ආසන්න සාගර කලාපයේ සිදු කළ නිරීක්ෂණ මෙහෙයුමක දී ධීවර යාත්‍රාව ඉන්දීයානු සාගර කලාපයේ පාවෙමින් තිබු බවට නීරීක්ෂණය වු බවයි නාවික හමුදාව සදහන් කලේ.

ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ද සහය ඇතිව ධීවරයන් දෙදෙනා සහ යාත්‍රාව මෙරට මුහුදු කලාපය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

 

 

Your Comments