ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 10 වනදා සිට

6

කොරෝනා වෛරසයට එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 10 වනදා සිට ලබාදෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනයේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අපනයනය නතර කිරීමට තීරණය කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණ ද එය මෙරට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතුවලට බාධාවක් නොවන බවයි ඔහු කියා සිටියේ.

 

Your Comments