ඇවන්ට්ගාඩ් සිද්ධියේ සිව් දෙනාත් යළි රක්ෂිතයට

11

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඇතුළු සිව් දෙනා ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල මෙන්ම රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර යන මහත්වරුන් ද මේ වන විට අත්අඩංගුවට ගෙන සිටිනවා.

Your Comments