“ඇල්පිටියේ ප්‍රතිඵලය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑමක් නෑ”

15

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් ඇති නොකරන බව එක්සත් සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසනවා.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියාසිටියේ.

මේ අතර, ගාල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ද ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිපලය සම්බන්ධයෙන් අදහස් පල කළා.

මේ අතර, නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර ගිය ද පාක්‍ෂිකයින් එම පක්‍ෂය හැර නොයන බව ඇල්පිටිය මැතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පෙන්වා දෙනවා.

එහි සභාපති ජී එච් බුද්ධදාස මහතා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ප්‍රාදේශීය සභාවක ඡන්ද දායකයින්ගේ හැසිරීමෙන් ජාතික මැතිවරණයක ප්‍රතිඵලය මැනිය නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

ඒ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්.

Your Comments