ඇමති දිනේෂ් අද ලංකාව වෙනුවෙන් කරුණු කියයි

7

ශ්‍රී ලංකාව වෙනුවෙන්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබෙනවා.

රජය විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව නම් කරන ලද කමිටුව ද අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සහභාගි වනු ඇති.

කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන්.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සමුළුවේ සාමාජික රටවල් වෙත ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි.

තව දුරටත් අදහස් දැක්වු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

 

Your Comments