ඇඳිරිනීති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ අලෙවිසැල් දින දෙකක් විවෘත කිරීමට අවසර

16

ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ අලෙවිසැල් සතියට දින දෙකක් විවෘත කිරීමට අවසර ලබා දුන්නා.

ඒ අනුව, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල ඒවා විවෘතව තැබීමට අවසර හිමිව තිබෙනවා.

අඟහරුවාදා සහ සිකුරාදා යන දෙදින එම වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමිව ඇත්තේ කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලයි.

එම දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙළඳසැල් විවෘතව තැබීමට අවසර හිමිවන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

Your Comments