ඇඳිරිනීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධාවක් නැහැ

26

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ දී එය බාධාවක් නොවන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

යුධ හමුදාපතිවරයා කියා සිටියේ තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කරමින් ඊට පහසුකම් සළසා ගත හැකි බවයි.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබුවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය ක්‍රියාත්මක සෙසු ප්‍රදේශවල ජනතාවට හෙට දිනයේ ආසන්නයේ පිහිටි වෙළඳසැල්වලින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගත හැකියි.

Your Comments