ඇත්ත කියන්න – පී එච් අයි රජයෙන් ඉල්ලයි

33

කොරෝනා වෛසරස සම්බන්ධයෙන් තවදුරටත් අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කළා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ නිවැරදි තත්වය ජනතාවට ප්‍රකාශ කිරීම රජයේ වගකීම බවයි.

 

එමෙන්ම නිරෝධායනය අවසන් කල සහ වෛරසය වැළඳී පූර්ණ සුවය ලබා සිටින පුද්ගලයින් පැමිණීම ඇතැම් පෞද්ගලික රෝහල් විසින් ප්‍රතික්ෂේප කරන බවට වූ සිද්ධීන් කිහිපයක්ද වාර්තා වී ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කළා.

 

Your Comments