ආනවිලුන්දාව රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී දැව ජාවාරමේ නිරත වු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

4

රැම්සාර් සම්මුතියට අයත් තෙත් බිමක් ලෙස නම් කර ඇති ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී දැව ජාවාරමේ නිරත වු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ අත්අඩංගුවට ගත් සැකකරුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මේ අතර නීති විරෝධී ලෙස කැලෑ විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයින්ට කිසිදු සමාවක් ලබා නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කලා.

ඒ සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

Your Comments