අලුත්ම පොකුර පාර්ලිමේන්තුවෙන් – මන්ත්‍රී හකීම්ටත් කොරෝනා

11

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් අද දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හදුනාගත් බවයි.

මීට දින 10 කට පෙර සමීපව ඇසුරු කළ පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව නිරෝධායනය වන ලෙසයි මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු නියෝජිතයින් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.

රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ දිනයේදී සභාවට පැමිණ ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

මේ වන විට ඔහුගේ සමීප ආශ්‍රිතයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි ආරක්‍ෂිත කැමරා උපයෝගී කර ගනිමින් විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද කොරෝනා ආසාදිතයෙකු ලෙස පසුගිය දා හදුනා ගැනුණා.

ඔහුගේ ලේක්මවරයාට ද වෛරසය ආසාදනය වී ඇති බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

Your Comments