අලුත්ගම මංගල උත්සවයේ තවත් 21කට කොවිඩ් – ‘මංගල’ පොකුර 60කට ඉහළයි

33

අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට සහභාගී වු තවත් පුද්ගලයින් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ මහතා පවසනවා.

ඔවුන් පයාගල, පොතුවිල සහ කළුතර ප්‍රදේශවල පදිංචි පිරිසක්.

දෙසැම්බර් 16 පැවති මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් ඊට සහභාගී වූ පිරිස් 21 වනදා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට භාජනය කළා.

එහිදී මනාලිය ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ආසාදිතයින් බවටයි හඳුනාගැණුනේ.

ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී නව ආසාදිතයින් සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව මෙම මංගල උත්සවයට සහභාගී වු කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 6 දෙනෙකු සහ මොරවක, දෙණියාය, කළවාන ප්‍රදේශයෙන් පැමිණි කණ්ඩායම්වලින් ද රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වී තිබෙනවා.

උත්සවයට සහභාගී වු අනෙක් පිරිස නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පීසීආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිකයි.

කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ මහතා මේ අතර සඳහන් කළේ එම බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 900කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි.

Your Comments