අමාත්‍ය මණ්ඩලය අද රැස්වෙයි

23

මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
අද පෙරවරු 9ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බව සදහන්.
සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අඟහරුවාදා දිනයේ දී යි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් හෙට දින පැවැත්වීමට නියමිත බැවින් මෙවර කැබිනට් රැස්වීම අද දිනයේ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments