අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව රිෂාඩ්ගෙන් පෙත්සමක්

21

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රිවරයා මේ බව සදහන් කර ඇත්තේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබාදෙමින්.

විල්පත්තු කල්ලාරු වන විනාශය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙමින් අභියාචනාධිකරණය නියෝග කර තිබුනේ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පුද්ගලික වියදමින් එහි යළි වන වගාව කළ යුතු බවයි.

Your Comments