අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තුවට

20

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන එනු ලැබුවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ එය තැන්පත් කර තිබු බවයි වාර්තා වුණේ.
හිටපු පාර්ලිමේන්තු නියෝජිතයින්ට එහිදී තොන්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වුණා.
මේ අතර, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත විමත් සමඟ වතුකරයේ ස්ථාන කිහිපයකදීම පින් අනුමෝදම් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ අතර අභාවප්‍රාප්ත අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇති එළඹෙන 31 වනදා දක්වා තේ වතු ආශ්‍රිත සිය රාජකාරී කිරිමෙන් වැලකි සිටිමට වතු කම්කරුවන් තිරණය කර ඇති බව සඳහන්.

Your Comments