අභාවප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

6

අභාවප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

 

මහජන ගෞරවය උදෙසා දේහය හෙට පස්වරු 3.30 දක්වා බොරැල්ලේ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බවයි අවමංගල්‍යය සංවිධාන කමිටුව නිවේදනය කළේ.

පවත්නා කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍යාරක්ෂක උපදෙස් හා මගපෙන්වීම් අනුව අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නියමිතයි.

කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන් පෙරේදා දිනයේදි අභාවප්‍රාප්ත වන විට 98 වන වියෙහි පසුවුණා.

Your Comments