අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

7

සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 40කට අධික රන් භාණ්ඩ තොගයක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ නිවාරණ කොට්ඨාසය විසින්.

ත්‍රී රෝද සහ යතුරු පැදි උපයෝගී කරගනිමින් සොරකම් සිදුකර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කඩවත, ගනේමුල්ල, රාගම හා සීදුව යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

Your Comments