අනුරුද්ධ පාදෙණියට එරෙහි පෙත්සම් විභාගය කල් යයි.

12

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාසයක් කල බවට ගොනු කළ පෙත්සම් විභාගය මාර්තු මස 03 වනදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද නියම කලා.

 

ඒ විත්තිකාර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ස්වයං නිරෝධනයට යොමුව ඇති බැවින් පෙත්සම් විභාගය සදහා කල් ලබා දෙන්නැයි ඔහුගේ නීතීඥවරයා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින්.

සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

ඒ මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුවක් අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහස කල බවට පවසමින්.

Your Comments