අනුරාධපුර ග්‍රාම නිළධාරී වසමක් හුදකලා කෙරේ

10

අනුරාධපුර – දේවානම්පියතිස්ස පුර අංක 295 ඒ ග්‍රාම නිළධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.

 

කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

මේ අතර, හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු ආසාධිතයෙකු ලෙස හදනාගෙන තිබෙනවා.

ඒ, පාසල් වේලාව තුළදී හසිදියේ සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ පසුව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුවයි.

සිසුවා ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 දෙනෙකු සහ ගුරුවරුන් 14 දෙනෙකු ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර අදාළ පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබෙනවා.

සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පාසල් සිසුවාගේ මව ද ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.

Your Comments