අන්තවාදී සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

2

මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා සැකකරුවන් දේශන පවත්වා ඇති බවයි.

ඔලුවිල් ප්‍රදේශයේ පවත්වා ඇති එම පන්තිවලට සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ශාරීරික අභ්‍යාස ලබා දී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

30 හා 39 හැවිරිදි සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

 

Your Comments