අධ්‍යාපන ආර්ථික සහ ආයෝජන නව තාක්ෂණයෙන් බද්ධ කෙරේ

9

නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය, ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගීම අභිප්‍රාය බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.

එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද පසුගියදා ජනාධිපතිවරයා ගේ අධීක්ෂණයට පවරා ගැණුනා.

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක්.

එහි එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වු බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කලේ.

කොවිඞ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම ඉදිරියටත් සංවිධාන කෙරෙනු ඇති.

Your Comments