අද ප්‍රදේශ කිහිපයකට වැසි

6

මධ්‍යම, සබරගමුව, දකුණු වයඹ සහ බස්නාහිර පළාත්වල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

Your Comments