කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගතව සිටි තවත් රෝගීන් 430 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද දිනයේ පිටව යාමත් සමගින් මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 16,656ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 22,501ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
ඉන් මේ වන විට ආසාදිතයන් 5,738 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එසේම මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 107ක්.
තවත් පුද්ගලයන් 531 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
Your Comments