අත්තනගලු ඔයේ ගංවතුර අවදානමක්

34

අත්තනගලු ද්‍රෝණියේ ගංවතුර අවදානමක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයෙන් දැක්වෙන්නේ අත්තනගලු ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශයට ඊයේ රාත්‍රීයේ ඇද හැලුණු තද වැසි හේතුවෙන් මේ වන විට ඉහළ ධාරා ප්‍රදේශ ඇතැම් ස්ථානයන්හි සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි.

මේ වන විට වැස්ස පහව ගොස් ඇතත් ඉහළ ප්‍රදේශවල ජලය පහළට ගලා එමින් පැවතීම හේතුවෙන් අද රාත්‍රියේ සිට අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ගම්පහ – ජාඇළ මාර්ග සහ කිරිඳිවිට – ගනේමුල්ල මාර්ගය මෙන්ම කිරිඳිවිට අවට ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම අද දිනයේදීද තද වැසි ඇති වුවහොත් මෙම තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර මහතා පවසන්නේ.

එම නිසා මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශයන්ගෙන් සහ අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම්වල පදිංචිකරුවන්ගෙන්ද ආශ්‍රීත මාර්ගයන් භාවිත කරන්නන්ගෙන්ද ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Your Comments