අත්තනගල්ල ඔය ආශ්‍රීතව සුළු ගංවතුර තත්ත්වයක්

16

අත්තනගලු ඔය ආශ්‍රීතව අද පස්වරු 3 පමණ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ අත්තනගලු ඔය ඔය ආශ්‍රිත ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසකට මේවන විට ආපදා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.

ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

ඒ අනුව, මේ වන විට නාවික හමුදාව විසින් සිවිල් වැසියන් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීමට ද සමත්වී තිබෙනවා.

ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු මුදාගෙන ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ද කටයුතු කල බවයි නාවුක හමුදාව පැවසුවේ.

Your Comments