අඩි අටේ ගංජා ගස් වැවුණු අක්කර 4ක හේන් 6ක් වැටලූ මෙහෙයුම (VIDEO)

124

මොණරාගල ආනන්දපුර සහ බලහරුව ප්‍රදේශයන්හි රහසිගතව පවත්වා ගෙන ගිය සරුවට වැඩුණු අක්කර 4ක පමණ වගා කරන ලද ගංජා හේන් 6ක් සුරාබදු නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

එහි දී සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත බව ‍මොණරාගල සුරාබදු නිලධාරින් සඳහන් කළා.

මෙම ගංජා තොගය තවත් මාසයකින් පමණ දිවයින පුරා මහා පරිමාණ වශයෙන් බෙදා හැරීම සඳහා හැකියාවක් තිබු බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ගංජා හේන් 6හි, අඩි 6 පමණ සිට අඩි 8 පමණ දක්වා සරුවට වැඩි තිබුණු ගංජා පැල විශාල සංඛ්‍යාවක් සුරාබදු නිලධාරින් ට හමුව තිබුණා.

ඒවායේ සමස්ත වෙළඳපොල වටිනාකම ලක්ෂ 50ක් පමණ වන බවටයි ගණන බලා ඇත්තේ.

වාඩි ගසා ස්ථීර ලෙස සේවකයින් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙකු යොදවා ගංජා හේන පවත්වාගෙන ගොස් තිබුණා.

මේ දක්වා රුපියල් ලක්ෂ පහක් (500,000/=) පමණ මුදලක් වැය කොට හේන් පවත්වාගෙන ගොස් ඇති බවද සඳහන්.

මාසයකින් පමණ අස්වැන්න නෙලීමට බලාපොරොත්තුවෙන් සිටි බව ට සැකකරුවන් සඳහන් කර සිටියා.

ගංජා හේන් 20 වන දින වැටලිම් අවස්ථාවේ දී ගිනි තබා විනාශ කිරීමට නිලධාරීන් කටයුතු කළා.

සැකකරුවන් නීතිමය කටයුතු සඳහා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කෙරුණා.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම, අතිරේක සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ,

ඌව පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ඒ.බී.අ‍බේකොන් මහතාගේ උපදෙස් පරිදි මොණාගල සුරාබදු අධිකාරි සුනිල් මහතාගේ මෙහෙයවීමෙන් මොණරාගල සුරාබදු ස්ථානයේ සුරාබදු පරික්ෂක උදය කුමාර මහතා, සුරාබදු නියාමක පිරිසක් සමග වැටලිම සිදු කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ රජය විසින් කෝවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ඇති මෙවන් අවස්ථාවක වසංගතය පාලනය කිරීම සදහා ආරක්ෂක, සෞඛ්‍ය හා රාජ්‍ය අංශ පෙරදැරිව පවත්වාගෙන යනු ලබන අඛන්ඩ ව්‍යායාමයට, නීති විරෝධි ලෙස ගංජා බෙදා හැරිම, විකිණීම හා භාවිතය තුලින් බරපතල බලපෑම් ඇතිවිය හැකි බවයි.

ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත, අතිරේක සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතාගේ මග පෙන්වීමෙන් මෙවැනි නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

අඩි අටේ ගංජා ගස් වැවුණු අක්කර 4ක හේන් 6ක් වැටලූ මෙහෙයුම

අඩි අටේ ගංජා ගස් වැවුණු අක්කර 4ක හේන් 6ක් වැටලූ මෙහෙයුමMORE >>> https://bit.ly/2Xne4Hw

Gepostet von News24 am Freitag, 22. Mai 2020

Your Comments